94 views 0 secs 0 comments

‍දුම්රිය ස්ථානාධිපති සංගමය වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමට සූදානමක්..

In Local News
October 29, 2024

ක්ෂණික වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය තීරණය කර තිබේ. ඒ දුම්රිය ස්ථානාධිපති තනතුරට අදාළව මතුව ඇති ගැටලු කිහිපයක් මුල්කර ගනිමිනි.

ඊයේ (28) දිනයේ සිට පැය 72ක කාලයක් තුළ සිය ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර නොලැබුණහොත් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කරන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කර සිටියා.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ උසස් වීම් ගැටලුව ඇතුළු ගැටලු කිහිපයකට විසඳුම් ලබාදෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලීම් කළ ද ඊට යහපත් ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේය.