
අද (4) පස්වරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රය අසල විරෝධතාවයේ නිරත වූ තරුණයින් පිරිසක් ශ්‍රී ලංකා පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව අදහස් දක්වමින් කියා සිටියේ අත්අඩංගුවට ගත් පුද්ගලයින් 10 දෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු බවයි.
පාර්ලිමේන්තුව අසළ සාමකාමීව විරෝධතාවයේ නිරත වූ පිරිසක් පොලීසිය විසින් පැහැරගෙන ගොස් ඇති බවට SJB පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර චෝදනා කළා. මෙවැනි සිදුවීම් හේතුවෙන් ගැටුම්කාරී තත්ත්වයක් ඇති වීම වළක්වන ලෙස ඔහු කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.