158 views 0 secs 0 comments

දුම්රිය වර්ජනයක්…

In Local News
May 09, 2023

අද (09) මධ්‍යම රාත්‍රී 12සිට ක්‍රියාත්මක වන පරිදි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සැලසුම් කර තිබේ.

මෙලෙස වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත්තේ විනය චෝදනා එල්ලවී සිටින පුද්ගලයෙකුට නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වාණිජ තනතුර පිරිනැමීමට විරෝධය පළකරමින් බවයි, දුම්රිය ස්ථානාධිපතිවරුන් සඳහන් කර සිටියේ.

වහාම එම තීරණය හකුලාගන්නා ලෙස බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරමින් අද මධ්‍යම රාත්‍රී 12 සිට පැය 24ක සංකේත වර්ජනයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන් සඳහන් කර සිටියා.