179 views 0 secs 0 comments

සීනී හා තිරිඟු පිටි මිල ඉහලට….

In Local News
May 08, 2023

සීනි සහ තිරිඟු පිටි මිල ගණන් ඉහළ දමා ඇතැයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

සීනි කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 25කින් ඉහළ දමා ඇති අතර මෙතෙක් රුපියල් 225 ක් වූ සීනී සීනි කිලෝග්‍රෑමයක නව මිල රුපියල් 250 කි බව එහි සභාපති නිහාල් සෙනෙවිරත්න මහතා සඳහන් කර සිටියා.

මෙලෙස මිල ඉහල දැමීමට හේතුව ලෙස ඉන්දියාව සීනි අපනයනය සීමා කිරීම හේතුවී ඇතැයි ඔහු සඳහන් කළේ ය.

එමෙන්ම තිරිඟු පිටි කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 10 කින් ඉහළ දමා තිබේ.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනායනකරුවන්ගේ සංගමය පැවසුවේ, ඒ අනුව තිරිගු පිටි කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 210 ක් දක්වා ඉහළ යන බවයි.

තිරිගුපිටි සඳහා පනවා තිබූ රුපියල් 03 ක බදු සහනය ඉවත් කිරීම, ඊට හේතුවී තිබේ.