
පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුන් දෙදෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟ එම දරුවන් දෙදෙනා ඉගෙනුම ලැබූ පන්ති කාමර දෙක වසා දැමීමට තීරණය කළ බව අදාළ පාසලේ පාලනාධිකාරිය පැවසීය.
මෙම දරුවන් දෙදෙනාගේ පියාට ද කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති අතර ඒ අනුව සිදුකළ PCR පරීක්ෂණයේදී දරුවන් දෙදෙනාට ද වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබුණි.