200 views 0 secs 0 comments

ගරු ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා ප්‍රකාශයක් ලබාදීමට CIDයට

In Local News
February 17, 2022

කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය අධ්‍යක්ෂ ගරු ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා 2019 පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් 2021 දෙසැම්බර් මාසයේදී ගොනු කළ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (17) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ සිටියේය.

“පසුගිය වසරේ (2021) දෙසැම්බර් මාසයේදී ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා පාස්කු ප්‍රහාරයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සෘජුවම වගකිව යුතු බවත් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් ප්‍රකාශයක් කළේය. එවැනි ප්‍රකාශයක් කැබිනට් අමාත්‍යවරයෙකුගෙන් ලැබෙන විට එය බැරෑරුම් ලෙස සැලකිය යුතු බව අපට පෙනී ගියේය. ජූඩ් ක්‍රිෂාන්ත මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළේය.