645 views 0 secs 0 comments

තවත් කොවිඩ් මරණ 5ක්.. ආසාදිතයන් 351..

In Local News
March 04, 2021

තවත් කොවිඩ් මරණ 5ක් අද (04) දිනයේ තහවුරු වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජනරාල් අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළ.
මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 489ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ උස්සාපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 53 හැවිරිදි කාන්තාවක්, ගිරිඋල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 78 හැවිරිදි කාන්තාවක්, කොලොන්නාව ප්‍රදේශයේ පදිංචිව සිටි 72 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිව සිටි 62 හැවිරිදි කාන්තාවක් සහ බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි 70 හැවිරිදි කාන්තාවක් වේ.
එමෙන්ම කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 351 දෙනෙකු අද (04) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට හඳුනාගැණුනු මෙරට සමස්ත ආසාදිතයින් ගණන 84,577ක් දක්වා ඉහළගොස් තිබේ.