638 views 0 secs 0 comments

වේල්ලවීදියේ මළසිරුර ගැන අනාවරණය…

In Local News
March 03, 2021

කොලඹ, වේල්ල වීදියෙන් පෙරේදා (01දා) මෘතදේහය හමුවූ තරුණියගේ ඝාතනයට වගකිව යුත්තා බුත්තල පොලිසියේ සේවය කරන පනස් හැවිරිදි උප පොලිස් පරීක්ෂකවරයකු බව අනාවරණය වී ඇත.

මෙම පොලිස් නිලධාරියා ඇමැති ආරක්ෂක අංශයේද
සේවය කර ඇතැයි තහවුරු වී ඇත.

අධිකාරි මුදියන්සේලාගේ ප්‍රේමසිරි (50) නමැති විවාහක උප පොලිස් පරීක්ෂකවරයා සොයා බඩල්කුඹුර, වෙහරගොඩ නිවසට පොලිස් කණ්ඩායම් ගියවිට සැකකරු නිවසේ පසුපස දොරින් කැලෑවකට පැන ඇත.

ඝාතනයට ලක්වී ඇත්තේ ලිනියාකුමාර දුලනිගේ දිලිණි යසෝධා ජයසූරිය මැනිකේ (30) නමැති කුරුවිට, තෙප්පාගම, බඩෝගම පදිංචිකාරියකි.

මෙම මියගිය කාන්තාවගේ සොයුරා ප්‍රාදේශීය දේශපාලනඥයෙකි

සැකකරු විවාහකයකු වන අතර නිවසට පොලිස් කණ්ඩායම් යන විට ඔහු බිරිඳ සමග සිට ඇත.

පලාගිය සැකකරුගේ සිරුර නිවස පිටුපස කැලයේ එල්ලෙමින් තිබියදී පොලිසිය සොයාගෙන ඇත. ඔහු වස පානය කර ගෙල වැලලාගෙන මියගොස් ඇත.