451 views 0 secs 0 comments

බිළිඳාට අමානුෂික ලෙස පහරදුන් මව පරිවාස භාරයට..

In Local News
March 02, 2021

සමාජ මාධ්‍ය ඔස්සේ මහත් ආන්දෝලනයක් ඇතිකළ, යාපනය මනියන්තෝට්ටම් ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි කාන්තාවක් විසින් මාස 8ක සිය බිළිඳාට අමානුෂික ලෙස පහරදීමේ වීඩියෝවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාව හා එම බිළිඳා මාර්තු 9 වන දින තෙක් පරිවාස භාරයට යොමුකර තිබේ.

ඒ පිළිබඳව වහාම ක්‍රියාත්මක වූ ළමා ආරක්ෂක අධිකාරියේ නල්ලූර් කාර්යාලයේ නිලධාරීන් සහ යාපනය පොලීසිය අද පෙරවරුවේ අදාළ කාන්තා සොයා ඇයගේ නිවසට ගොස් එහිදී ඇයව අත්අඩංගුවට ගෙන ඇති අතර අධිකරණ වෛද්‍ය නිලධාරීවරයෙකු වෙත ඉදිරිපත් කිරීමට පියවර ගැණුනි.

ඉන් පසුව යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පහරදීම සිදුකළ දරුවාගේ මව දරුවා ද සමග පරිවාස භාරයට යොමු කර තිබේ.

පොලිසීය පැවසුවේ අදාළ කාන්තාවගේ සැමියාද විදෙස් ගතව සිටින බවත් ඇය කලක් තිස්සේ මාසනික ආතතියක් පෙළෙන බවත් මූලික විමර්ෂණවලදී අනාවරණ වී ඇති බවය.

මේ අතර ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසන්නේ දරුවෙක් කෘෘරත්වයකට ලක්කරන්නන් වසර 10 දක්වා සිර දඬුවමකට ලක්කරන බවය.