146 views 0 secs 0 comments

රඹුක්කනට ඇඳිරි නීතිය පනවයි…

In Local News, Uncategorized
April 20, 2022

ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව ඊයේ (19) උදෑසන සිට රඹුක්කන දුම්රිය හරස් මාර්ගය අවහිර කරමින් ප්‍රදේශවාසීන් විරෝධතාවක නිරත වූ අතර විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලීසිය කඳුළු ගැස් ප්‍රහාරයක් එල්ල කරන අවස්ථාවේ සිදු වූ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙක් මියගොස් ඇති බව කෑගල්ල මහ රෝහලේ අධ්‍යක්ෂකවරයා සඳහන් කළා.

පුද්ගලයින් දෙදෙනෙක් මේ වන විට සැත්කමකට ලක් කරමින් සිටින බවයි රෝහලේ අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

කෙසේ වුවද මේ වන විට නැවත දැනුම් දෙන තුරු රඹුක්කන පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය පනවා ඇති බව පොලීසිය පවසනවා.