
2019 පාස්කු ප්‍රහාරයේ නායක සහරාන් හෂීම්ගේ සුඛෝපභෝගී වාහනය තමා භාවිත කළ බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව හිටපු මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි. එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පැහැදිලි කළේ තමන් එවැනි කිසිදු වාහනයක් භාවිත නොකළ බවයි.
විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු අද පාර්ලිමේන්තුවේදී කරුණු දැක්වීමෙන් අනතුරුව එම ප්‍රකාශවලට පිළිතුරු ලබාදුන්නේ මෙසේය.
තමන් මේ පිළිබඳව දැනුවත් වූ වහාම අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් මේ පිළිබඳව විමසූ බවයි.
මෙම වාහනය රජයේ දේපළක් ලෙස ශ්‍රී ලංකා පොලිසියට භාරදී ඇති බව අමාත්‍යාංශ ලේකම්වරයා තමාට දන්වා ඇති බවත්, පොලිස් දෙපාර්තමේන්තුව විසින් එම රථය පොලිස් විශේෂ කාර්ය බළකාය (STF) වෙත භාරදුන් බවත් ඔහු පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පැවසුවේ අදාළ වාහනය තමන්ට භාරදී නොමැති බවත් ඒ වෙනුවට එය පොලිස් විශේෂ කාර්ය බලකායට ලබාදී ඇති සේවා වාහන අතරට ඇතුළත් කර ඇති බවත්ය.
මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැහැදිලි කළේ තමන් කිසිඳු අවස්ථාවක එම සුඛෝපභෝගී වාහනය භාවිත කර නොමැති බවයි.