87 views 1 sec 0 comments

ගාල්ල – ඉමදූව බස් රථ අනතුරක්. 29කට තුවාල..

In Local News
January 26, 2025

ගාල්ල – ඉමදුව – අඟුළුගහ හන්දියේදී අද උදෑසන බස් රථ තුනක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් මගීන් 29 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.
අද පෙරවරු 8.30 ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර, පෞද්ගලික මගී බස් රථ දෙකක් සහ කාර්යාල සේවකයින් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

පොලිසිය පැවසුවේ එක් බස් රථයක් නවතා තිබී ඇති අතර තවත් බස් රථ 2ක් පිටුපසින් පැමිණි නවතා තිබූ බස් රථයේ ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.

තුවාල ලැබූ මගීන් 23 දෙනෙකු ඉමදුව රෝහලට රැගෙන ගොස් ඇති අතර තවත් 6 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.