
අධික වර්ෂාව නිසා ජලය පිරී තිබූ අනාරක්ෂිත කාණුවකට ඇද වැටී අද (05) කුරුණෑගල මලියදේව ආදර්ශ විද්‍යාලයේ සිසුවකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගොස් ඇත්තේ 14 හැවිරිදි සජිත් ගුණරත්න නැමැති සිසුවෙකි. සිද්ධියෙන් පසු ප්‍රදේශවාසීන් හා යුද හමුදාව එක්ව සිදුකළ මෙහෙයුමකින් අනතුරුව දරුවා මුදාගෙන කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කල එහිදී දරුවා මියගොස් ඇති බව වාර්තා වේ.