195 views 0 secs 0 comments

ඉදිරි දෙසතිය තුළ තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කර ඇති පුද්ගලයින්ට ස්ථීර රියදුරු බලපත්‍ර

In Local News
October 31, 2022

මේ වන විට තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කර ඇති පුද්ගලයින්ට ස්ථීර රියදුරු බලපත්‍ර ඉදිරි දෙසතිය තුළ නිකුත් කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. කාඩ්පත් හිඟය හේතුවෙන් ලක්ෂ 06ක පමණ රියදුරු බලපත්‍ර තාවකාලිකව නිකුත් කර තිබූ අතර අදාළ කාඩ්පත් ඔස්ට්‍රියාවෙන් ගෙන්වීමට මේ වන විට පියවර ගෙන තිබෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ මහතා සඳහන් කළේය.