
අද (16) කොළඹ දී “මේ සාපය දැන් ඇති“ යන තේමාව යටතේ ආණ්ඩුවට එරෙහිව විරෝධතාවයක් පැවැත්වීමට සමගි ජනබලවේගය පක්ෂය සැලසුම් කර තිබේ.
එම විරෝධතාව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව පැවැත්විය යුතු බවට නියම කරන්නැයි පොලීස් ස්ථාන කිහිපයකින් කළ ඉල්ලීම්වලට අධිකරණයේ අවසරය හිමිවූ අතර ඇතැම් පොලිස් ස්ථාන මගින් කළ ඉල්ලීම් අධිකරණ මගින් ප්‍රතික්ෂේප කර ඇත.
එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සඳහන් කළේ දරිද්‍රතාවයට, ජනතාව මුහුණුපාන අනෙකුත් ගැටලුවලට සහ ආණ්ඩුවේ දුෂණයට එරෙහිව මෙම ජන උද්ඝෝෂණය සංවිධානය කර ඇති බවය.