225 views 0 secs 0 comments

සතොස අද සිට දිනපතා විවෘතයි..

In Local News
June 03, 2021

සතොස අත්‍යවශ්‍ය සේවාවක් බවට ගැසට් කිරීම හේතුවෙන්දි වයින පුරා පිහිටි සතොස අලෙවි සැල් අද (03) සිට දිනපතා විවෘතව තබන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව ජංගම වෙළෙඳුන්ට සතොස මගින් අඩු මිලට භාණ්ඩ මිලදී ගෙන අලෙවි කිරීමේ හැකියාව පවතින බවද බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පැවසීය.

මේ අතර අද සහ හෙට (04) යන දෙදින තුළ දිවයිනේ පිහිටි සියලු ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළෙඳුන් සඳහා විවෘතව පවතින බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.