158 views 1 sec 0 comments

ජනපති හා විලියම් හේග් අතර හමුවක්…

In Local News
January 17, 2024

ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් රාජධානියේ උත්තර (සාමි) මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රී විලියම් හේග් (William Hague) මහතා අතර හමුවක් පැවැත්විණි. ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා ද මේ අවස්ථාවට සහභාගි විය.