
මීට සුළු මොහොතකට පෙර අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුව විසින් අරගලකරුවන් මර්දනයට සංවිධානය කරන ලද විරෝධතා පාගමනක් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළේය මෙම විරෝධතාව කැලණිය සරසවිය ඉදිරිපිටින් ආරම්භවී කිරිබත්ගොඩ නගරය දක්වා ගමන් කිරීම නියමිතව තිබුණා. කැලණිය සරසවිය අසලදී ඔවුන්ට කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කළ බව වාර්තා වේ.