168 views 0 secs 0 comments

සජිත් ප්‍රේමදාස රටවල් රැසක තානාපතිවරු හමුවෙයි…

In Local News
May 14, 2022

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (14) රටවල් රැසක තානාපතිවරු හමුවූහ.

ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ තානාපති ඩෙනිස් චයිබි, ශ්‍රී ලංකාවේ ජර්මන් ජනරජයේ තානාපති හොල්ගර් ලොතර් සියුබර්ට්, ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලැවටු, ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති ටන්ජා ගොන්ග් ග්‍රීෆ්, ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපතිනි රීටා මනෙල්ලා, ශ්‍රී ලංකාවේ රුමේනියා තානාපති වික්ටර් චියුජ්ඩියා ඇතුළු පිරිසක් මෙලෙස විපක්ෂ නායක කාර්යාලයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු විය.

මේ මොහොතේ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින තත්ත්වය පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වූ අතර විපක්ෂ නායකතුමා ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන වෙනුවෙන් සහයෝගය ලබා ලබාදෙන ලෙසය.