159 views 0 secs 0 comments

මන්ත්‍රීවරු 4 දෙනෙක් ආණ්ඩුවෙන් සජබෙට එක් වෙයි…

In Local News, Politics
May 14, 2022

ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ, එච් එම් එම් හාරිස්, එම් එස් තවුෆික්, ෆයිසල් කාසීම්, සමගි ජන බලවේගයෙන් ඡන්දය ඉල්ලූ සමස්ත ලංකා මහජන කොන්ග්‍රසයේ ඉෂාක් රහුමාන් යන මහත්වරු අද (14) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු විය. ඒ කොළඹ විපක්ෂනායක කාර්යාලයේ දී ය.

රට පත්ව ඇති තත්ත්වයෙන් ගොඩ ගැනීම උදෙසා සමගි ජන බලවේගයට සිය සහයෝගය ලබාදෙන බව ප්‍රකාශ කළ ඔවුන් ඉදිරි දේශපාලන කටයුතු සියල්ල සමගි ජන බලවේගය සමග එක්ව සිදුකරන බවද පැවසීය.

ඉකුත් 20 වැනි සංශෝධනය අවස්ථාවේ මේ මන්ත්‍රීවරුන් පිරිස ආණ්ඩුව සමග එක්වූහ.