
අද (28) උදෑසන මහනුවර – ගුරුදෙණිය මාර්ගයේ ඉලුක්මෝදර ප්‍රදේශයෙන් මහවැලි ගගට වැටුණු මෝටර් රථය මේ වන විට සොයාගෙන ඇත. එම මෝටර් රථයේ සිටි පුද්ගලයාගේ සිරුර ද සොයාගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මියගොස් ඇත්තේ ගුරුදෙනිය, මාළිගාතැන්න ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකි. අනතුරෙන් දිවි බේරාගත් පුද්ගලයින් දෙදෙනෙකු මේ වන විට මහනුවර මහා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.