
එකම රටක් එකම නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ නව සාමාජිකයින් ලෙස රාමලිංගම් චක්‍රවර්ති කරුණාකරන්, යෝගේස්වරී පට්ගුණරාජා සහ අයියම්පිල්ලෙයි දයානන්දරාජා පත් කර තිබේ. නව ගැසට් පත්‍රයට අනුව මහාචාර්ය දයානන්ද බණ්ඩා සහ කථිකාචාර්ය මොහොමඩ් ඉන්තිකාබ් කාර්ය සාධක බලකායේ සාමාජිකත්වයෙන් ඉවත් වී ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එම කාර්ය සාධක බලකායේ නියමයන් ද පහත පරිදි සංශෝධනය කර ඇත. ඒ අනුව,
“එකම රටක්, එකම නීතියක්” යන සංකල්පය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වවල අදහස් හා මතයන් සැලකිල්ලට ගනිමින් එම සංකල්පය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට ඉතා සුදුසු සංකල්පීය රාමුවක් සැකසීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීම. “