එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (22) දිවයිනෙන් පිටත්විණි.
ජනාධිපතිවරයා ලබන 24 වනදා එරට වේලාවෙන් පස්වරු 3.15ට මහා මණ්ඩලය ඇමතීමට නියමිතය. මේ අවස්ථාවට සමගාමීව, එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා සහ විදේශ රාජ්‍ය නායකයන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා රැසක් පැවැත්වීමටද කටයුතු සූදානම් කර ඇත.
එසේම ජනාධිපතිවරයා අමෙරිකාවේ නාගරික ශ්‍රී ලාංකිකයන් සමඟ විශේෂ හමුවකට ද සහභාගි වනු ඇත.
මෙම සංචාරයට විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් ද එක්ව සිටින බව සදහන් වේ.
