ජාතන්තර සංඥා භාෂා දිනය අද (23) යෙදී ඇති අතර, මෙවර තේමාව “සංඥා භාෂා හිමිකම්වලින් තොර මානව හිමිකම් නොමැත” ලෙස නියම කර තිබේ.
සමරු උත්සවය අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් ග්‍රාම සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්විමේ අමාත්‍යාංශයේදී පැවැත්වේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ දත්ත අනුව, ලෝකය පුරා ශ්‍රව්‍යබාධිත පුද්ගලයින් මිලියන 70ක් පමණ ජීවත් වන අතර ඔවුන් භාවිතා කරන සංඥා භාෂා සංඛ්‍යාව තුන්සියකට අධිකය.
ජාතන්තර සංඥා භාෂා දිනය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පළමු වරට 2018 දී සනිටුහන් කරන ලදී.
