70 views 0 secs 0 comments

ඉන්දු පකිස්ථාන අර්බුදයට රුසියාව මැදිහත් වේ….

In World News
May 05, 2025

ඉන්දියාව සහ පකිස්ථානය අතර පවතින ආරවුල් සහ ගැටලු සාමකාමී ලෙස විසඳීමේ උත්සාහයක් ලෙස රුසියාව මැදිහත්වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙම වාර්තා අනුව, රුසියානු විදේශ අමාත්‍ය සර්ගේයි ලාව්රොව් මහතා පකිස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ අතර, එහිදී දෙරට අතර උණුසුම් වූ තත්ත්වය සහ එයට හේතු වූ ත්‍රස්ත ක්‍රියා පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර ඇත.

රුසියාව මෙම ගැටළුවට දේශපාලනික විසඳුමක් සෙවීමට කැමැත්ත පළ කරමින්, ප්‍රදේශීය සාමය සහ ස්ථාවරතාවය තහවුරු කිරීම වෙනුවෙන් තමන් සූදානම් බව සඳහන් කර තිබේ.

මෙය ඉන්දියාව, පකිස්ථානය සහ රුසියාව අතර ත්‍රෛපාර්ශ්වීය කුමන්ත්‍රණයක් හැරෙන්නට ඇති බව ද විදෙස් වාර්තා වලින් අනාවරණය වේ.