81 views 0 secs 0 comments

අමෙරිකාව හෝ ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කළහොත් ප්‍රතිප්‍රහාර දියත් කරන බවට් ඉරානයේන් ප්‍රකාශයක්..

In World News
May 05, 2025

ඊශ්‍රායලය හෝ ඇමරිකාව ඉරානයයට විරුද්ධව යුධමය ක්‍රියාමාර්ගයක් ගත්හොත්, එයට දැඩි ප්‍රතිචාරයක් දැක්වීමට ඉරානය සූදානම් බවට එරට බලධාරීන් අනතුරු අඟවා සිටියා.

මෙය ඉතා උණුසුම් ආකාරයෙන් අර්බුදමය තත්ත්වයක් වඩාත් උග්‍ර කළ පසුබිමක් වන අතර, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු විසින් ඉරානයට විරුද්ධව ප්‍රහාරයක් එල්ල කළ හැකි බවට කළ ප්‍රකාශයක් ඉරානයේ මෙම ප්‍රතිචාරයට මූලික වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර, ඉරානයේ සහය ලබන යේමනයේ හූති සටන්කාමින්, ඊයේ (04) දිනයේදී ඊශ්‍රායලයේ බෙන්ගුරීයන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ප්‍රහාරයක් එල්ල කළ බවද වාර්තා වෙයි.

එයට ප්‍රතිචාරයක් වශයෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ, හූති සටන්කාමීන්ට එරෙහිව දැඩි ප්‍රහාර ආරම්භ කරන බවය.

ඉරානය පැවසුවේ, ඇමරිකාව හෝ ඊශ්‍රායලය යුධ කටයුතු ආරම්භ කිරීමට උත්සාහ කළහොත්, එරටවල මර්මස්ථාන ඉලක්ක කර ප්‍රතිප්‍රහාර එල්ල කරන බවයි.

මෙම සිදුවීම් සමඟින් මැදපෙරදිග ප්‍රදේශයේ ආරක්ෂක තත්ත්වය තවදුරටත් අර්බුදයකට මුහුණ දිය හැකි ඉඩක් පවතින බව විදේශ විශ්ලේෂකයින් අනාවරණය කරයි.