
අමෙරිකාවේ ධවල මන්දිර මාධ්‍ය ප්‍රකාශිකා ජෙන් සාකි කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන තිබේ. තමන්ට සුළු රෝග ලක්ෂණ පෙන්නුම් කරන බව නිවේදනයක් නිකුත් කරමින් ඇය සඳහන් කළේ ය.
42 හැවිරිදි සාකි, කොවිඩ් මර්දන එන්නත් ලබාගෙන තිබූ බවත් පසුගිය අඟහරුවාදා ජනාධිපති ජෝ බයිඩන් හමු වූ බවත් එම අවස්ථාවේ ඇය මීටරයකට වඩා වැඩි පරතරයක් තබාගෙන, මුඛ ආවරණ පැලඳ සිටි බවත් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.