77 views 0 secs 0 comments

2030 වසර වන විට ඉන්දියාව ලොව 4වන විශාලතම විදුලි මෝටර් රථ නිෂ්පාදකයා වෙයි….

In Tech, World News
June 20, 2025

2030 වසර වන විට ලොව සිව්වැනි විශාලතම විදුලි මෝටර් රථ නිෂ්පාදකයෙකු ලෙස ඉන්දියාව පත්වන බව Rhodium සමූහය නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වේ.

ගෝලීය ආර්ථික සහ ප්‍රතිපත්ති විශ්ලේෂණයට කැපවූ මෙම බුද්ධි මණ්ඩපය පෙන්වා දක්වන්නේ, ඉදිරි වසර පහ තුළ විදුලි මෝටර් රථ සඳහා ඉන්දියාවේ ඉල්ලුම මිලියන 1.1 සිට 2.1 දක්වා ඒකක ගණනකින් ඉහළ යනු ඇති බවයි.

මෙම ඉහළ යාම නිසා ඉන්දියාවේ නිෂ්පාදන ධාරිතාවද 2030 වන විට මිලියන 2.5 ක් දක්වා, දස ගුණයකින් වර්ධනය වීමට නියමිතය.

ලොව විදුලි මෝටර් රථ නිෂ්පාදනයේ ප‍්‍රමුඛයන් ලෙස දැන් චීනය, යුරෝපය සහ ඇමරිකාව පිහිටයි. ඉන්දියාවට මෙම වෙළඳපොළේ තරඟයට පිවිසීම සඳහා නිෂ්පාදන පිරිවැය අඩු කිරීම වැදගත් වන බවද ර්‍හොඩිඋම් වාර්තාවේ සඳහන්ය.