views 0 secs 0 comments

Meta වෙත ස්පාඤ්ඤ අධිකරණයෙන් විශාල වන්දි නියෝගයක්…..

In Tech, World News
November 21, 2025

ස්පාඤ්ඤ අධිකරණයක් Meta සමාගමට ඩොලර් මිලියන 550ක වන්දි මුදලක් පියවර ලෙස ගෙවීමට නියෝග කර ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙම නියෝගය, ස්පාඤ්ඤ ඩිජිටල් මාධ්‍ය ආයතනයන්ගේ ප්‍රධාන සමාගම ගොනු කළ පැමිණිල්ලකට අනුව ලබා දී ඇති බවයි. එම පැමිණිල්ලේ සඳහන් වන්නේ ප්‍රචාරණ කටයුතු සඳහා පරිශීලක දත්ත නීතිවිරෝධී ලෙස පරිහරණය කළ බවය.

මෙම නියෝගයෙන් බලපෑම ලබන්නේ ස්පාඤ්ඤයේ ප්‍රවෘත්ති මාධ්‍ය ආයතන 87කට වන බවද වැඩිදුර වාර්තා වෙයි.