ජාතික පාරිභෝගික මිල දර්ශකය (NCPI) අනුව 2025 ඔක්තෝම්බර් මාසයේ මෙරට ලක්‍ෂ්‍යමය මතුපිට උද්ධමනය 2.7% දක්වා ඉහළගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම තොරතුරු සඳහන් කරයි.
මෙය 2025 සැප්තැම්බර් මාසයේ වාර්තා වූ 2.1% ක අගය සමඟ සැසදූ විට ඉහළ දැක්වීමකි.
සැප්තැම්බර් මාසයේ 3.8% ලෙස පැවති ආහාර කාණ්ඩයේ උද්ධමනය ඔක්තෝම්බර් මාසයේ 4.1% දක්වා ඉහළ ගොස් ඇති අතර ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 0.7% සිට 1.5% දක්වා වැඩි වී තිබේ.
