බංගලාදේශයේ භූ කම්පනයක්….

In World News
November 21, 2025

බංග්ලාදේශයේ ඩකා අගනුවර අද (21) ප්‍රබල භූමිකම්පාවක් හට ගෙන තිබේ.

රික්ටර් මාපකයේ 5.5ක් ලෙස සටහන් වූ මෙමෙ භූ කම්පනය එරට වේලාවෙන් අද (21) පෙ.ව. 10:08ට හට ගෙන ඇති බව වාර්තා වේ.

භූ කම්පනය කිලෝමීටර් 10ක් ගැඹුරින් සිදු වූ බව ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය ප්‍රකාශ කර සිටි අතර මෙම භූමිකම්පාව ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවලටද දැණුනු බවද වාර්තා වෙයි.