70 views 0 secs 0 comments

බොරතෙල් මිල යළි ඉහළට – මැදපෙරදිග ගැටුම්වල බලපෑම…

In World News
June 20, 2025

ලෝක වෙළදපොලේ බොරතෙල් මිල අද (ජුනි 19) තවත් ඉහළ ගොස් තිබේ.
මෙයට හේතුව වන්නේ ඊශ්‍රායල – ඉරාන ගැටුම හමුවේ මැදපෙරදිග කලාපයේ උණුසුම් තත්ත්වයයි.

මෙම ආරක්ෂක අස්ථිරත්වය හේතුවෙන් බොරතෙල් සැපයුම් මාර්ගවලට බාධා මතුව ඇති අතර, එය මිල ඉහළ යාමට හේතු වී ඇත.

ඒ අනුව,
බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 77.27 දක්වා ඉහළ ගොස් ඇත
අමෙරිකානු බොරතෙල් වෙළඳපොලේ බැරලයක මිල ඩොලර් 73.97 ලෙස සටහන් විය

ප්‍රාදේශීය ත්‍යජතාවය දිගටම පවතින විට, ලෝක බොරතෙල් වෙළෙඳපොලේ අනාගතය පිළිබඳව නිරීක්ෂකයින් සැළකිලිමත්ව සිටිති.