195 views 0 secs 0 comments

නන්මඩෝල් හේත්වෙන් ජපාන කියුෂු දූපතට දැඩි බලපෑම්…

In World News
September 18, 2022

නන්මඩෝල් ප්‍රබල සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් ජපානයේ කියුෂු දූපත් ආශ්‍රිත ප්‍රදේශයෙන්, මිලියන 2 කට ආසන්න ජනතාවට ඉවත් වන්නැයි නියෝග කර තිබේ.

මෙම සුළි කුණාටුව පැයට කිලෝමීටර 270 ක වේගයෙන් හමායන බව විදෙස් වාර්තා පෙන්වා දී සිටි අතර කගෝෂිමා, මියසාකි සහ ඒමකුසා නගරවලට වැඩි බලපෑමක් එල්ල විය හැකි බව ජපාන ආපදා අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය දැනුම් දී සිටියා.

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 500ක පමණ වැසි ඇතිවිය හැකි බවට ද වාර්තා කර තිබේ.

සුළි කුණාටුව හේතුවෙන් ගුවන් ගමන්වාර රැසක් අවලංගු කර ඇති අතරම ඉරිදා සහ සඳුදා යන දෙදින ඇතැම් දුම්රිය සේවාවන් ද තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත.