160 views 0 secs 0 comments

මොස්කව් සහ කොළඹ ගුවන් ගමන් යළි ඇරඹේ…

In Local News
September 18, 2022

ලබන මස මැද මොස්කව් සහ කොළඹ අතර ගුවන් ගමන් යළි ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා රුසියානු රූපවාහිනි නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාකවට එක් වෙමින් ප්‍රකාශ කර සිටියා.

මීට මාස කිහිපයකට පෙර අධිකරණ නියෝගයකට අනුව රුසියානු එරොෆ්ලොට් සමාගමට අයත් ගුවන් යානයක් මෙරටදී රඳවා ගැනීමත් සමඟ කොළඹ බලා පියාසර කරන ගුවන් ගමන් අත්හිටුවීමට එරොෆ්ලොට් සමාගම තීරණය කළේ ය.

යානය මෙරට රඳවා ගැනීමේ සිද්ධිය බරපතල අත්වැරැද්දක් බවත්, සිදු වූ දෙය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන් සමාව ඉල්ලා ඇති බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා. එමෙන්ම මෙවැනි දෙයක් යළි ඇති නොවන බවට ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා ආණ්ඩුව සහතික වන බව ද අමාත්‍යවරයා රුසියානු රූපවාහිනි නාලිකාව සමග කියා සිටියේ ය.