179 views 0 secs 0 comments

කොවිඩ් වාර්තාව…

In Local News
September 10, 2021

තවත් කොවිඩ් මරණ 131ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඊයේ (09) දින සිදු වු බවට තහවුරු කළ මෙම මරණ 131ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 10,995ක් දක්වා ඉහළගොස් ඇත.

එමෙන්ම අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,832ක් වන අතර මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 480,468ක් දක්වා ඉහළගොස් තිබේ.

තවද අද දිනය තුළ ආසාදිතව සිටි 1,512ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 409,628ක් විය.