343 views 0 secs 0 comments

එක්ස්ප්‍රස් පර්ල් නිරීක්ෂණයට නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක්…

In Local News
June 03, 2021

ගිනි ගැනීමට ලක්වූ එම්.වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ බඳෙහි කිසියම් පිපිරීමක් හෝ තෙල් කාන්දු තත්ත්වයක් පවතින්නේ ද යන්න සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා 9 දෙනෙකුගෙන් යුත් නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායමක් අදාළ මුහුදු ප්‍රදේශයට පිටත්ව ගොස් තිබේ.

කෙසේවෙතත් නෞකාවෙන් මේ දක්වාත් කිසිදු තෙල් කාන්දුවක් සිදුව නොමැති බව වෙළෙඳ නාවික ලේකම් කාර්යාලය පවසයි.

මෙම නෞකාවේ ඉන්ධන මෙට්‍රික්ටොන් 300 කට ආසන්න ප්‍රමාණයක් පවතින බව සඳහන් වන අතර පවතින තත්ත්වය හමුවේ කිසියම් ආකාරයකට තෙල් කාන්දු තත්ත්වයක් ඇති වුවහොත් එය පාලනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවද එම කාර්යාලය සඳහන් කරයි.

මේ අතර කිසිදු ආකාරයක තෙල් කාන්දුවක් හෝ පරිසර හානියකින් තොරව නෞකාව ගලවා ගැනීමේ මෙහෙයුම් සිදුකරන ලෙස එම සමාගමේ ප්‍රධානියාට දැනුම්දුන් බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතිඥ දර්ශනි ලහදපුර මහත්මිය පැවසුවාය