78 views 0 secs 0 comments

හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගයේ වාහන 3ක් එකිනෙක ගැටේ. 7 දෙනෙකුට තුවාල…

In Local News
May 21, 2025

හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගයේ ඉනිගොඩවෙල දුම්රිය හරස් මාර්ගයේදී වාහන තුනක් එකිනෙකට ගැටී අනතුරක් සිදුව තිබේ. අද (21) උදෑසන සිදුවූ එම අනතුරින් පුද්ගලයින් හත්දෙනෙකු පමණ තුවාල ලබා හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ. දුම්රියක් ගමන් කිරීම හේතුවෙන් ඉනිගොඩවෙල දුම්රිය හරස් මාර්ගය වසා තබා තිබුණු අවස්ථවේදී වාහන දෙකක් නවතා තිබීයදී කන්ටේනර් රථයක් පැමිණ නවතා තිබූ වෑන් රථයක ගැටී තිබුණි. එහිදී වෑන් රථය ගොස් බවුසරයක ගැටී ඇත. අනතුරින් වෑන් රථයට බරපතළ හානි සිදුව ඇති අතර හලාවත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.