Connect with us

Local News

ආනයනික ලුණු මෙට්‍රික් ටොන් 3,050ක තොගයක් අද දිවයිනට…

Published

on

පවතින ලුණු හිඟයට විසඳුමක් ලෙස ඉන්දියාවෙන් ආනයනය කරන ලුණු තොගයක් අද රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිත බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි. ඒ අනුව ලුණු මෙට්‍රික් ටොන් 3,050ක තොගයක් අද (21) රාත්‍රියේ මෙරටට රැගෙන ඒමට නියමිත බව සඳහන්ය.

පෞද්ගලික අංශයෙන් ආනයනය කළ ලුණු මෙට්‍රික් ටොන් 250ක් සහ ජාතික ලුණු සමාගම විසින් ආනයනය කරන ලද ලුණු මෙට්‍රික් ටොන් 2,800ක් ඊට අයත් බව “අද දෙරණ” කළ විමසීමකදී අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙරට මාසික ලුණු අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 15,000ක් වන අතර වාර්ෂික අවශ්‍යතාවය ලුණු මෙට්‍රික් ටොන් 180,000කි. කන්න දෙකකදී මෙරට ලුණු අස්වැන්න ලබා ගන්නා අතර, එක් කන්නයේ අස්වැන්න පෙබරවාරි මස මැද සිට අප්‍රේල් මස මැද දක්වාත්, අනෙක් කන්නයේ අස්වැන්න ජුනි මස මැද සිට ඔක්තෝබර් මස මැද දක්වාත් ලබා ගැනේ.

කෙසේවෙතත්, පැවති අධික වර්ෂාව හේතුවෙන් පසුගිය වසරේ මෙම කන්න දෙකේ දීම අපේක්ෂිත ලුණු අස්වැන්න ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් මෙරට අවශ්‍යතාවය සඳහා ලුණු ආනයනය කිරීමට සිදුවිය.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Local News

ඔක්තෝබර් පළමු පාර්ලිමේන්තු සතිය අද ආරම්භ වේ….

Published

on

By

ඔක්තෝබර් මාසය සඳහා පළමු පාර්ලිමේන්තු සතිය අද (07) ආරම්භ වන අතර, පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතයැයි පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පවසයි.

අද දිනයේදී ක්‍රීඩාවලදී උත්තේජක ද්‍රව්‍ය භාවිතයට එරෙහි සම්මුති සංශෝධන පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතව තිබේ.

හෙට (08) දිනයේදී ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ පරිපූරක ඇස්තමේන්තුව විවාදයට ගෙන සම්මත කිරීමට නියමිත බවද සඳහන් වේ.

බ්‍රහස්පතින්දා විපක්ෂය ඉදිරිපත් කරන සභාව කල් තැබීමේ විවාදයක් පැවැත්වෙන අතර, සිකුරාදා පෞද්ගලික මන්ත්‍රී යෝජනා 8ක් විවාදයට ගැනීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය වැඩිදුරටත් පවසයි.

Continue Reading

Local News

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි…

Published

on

By

අද (07) පස්වරු 1ට පමණ පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු, උතුරුමැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 50ට වැඩි තද වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

තවද බස්නාහිර පළාතට අමතරව ගාල්ල, මාතර, පුත්තලම, යාපනය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල උදෑසන කාලයේද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සඳහන් වේ.

ගිගුරුම් සමග ඇතිවිය හැකි අකුණු හා තාවකාලික තද සුළං හේතුවෙන් ඇති විය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද දෙපාර්තමේන්තුව ජනතාවට අවවාද කර ඇත.

Continue Reading

Local News

මහින්ද රාජපක්ෂට එරෙහිව දැඩි පියවර ගත යුතුයි – ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා

Published

on

By

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව දැඩි නීතිමය පියවර ගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ මාතර ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින්ය.

ඔහු පැවැසීයෙහි, රාජපක්ෂ පවුල රටේ දූෂණ ජාලය ජාත්‍යන්තර මට්ටමින් පාලනය කරමින් සිටින බවත්, හිටපු ජනාධිපතිවරයාට හිමි වරප්‍රසාද අවලංගු කර ගෙදර භාරදිය යුතු බවත්ය.

ඒ අවස්ථාවේදී ඔහු තවදුරටත් කියා සිටියේ, තමන් අධිකරණ අමාත්‍ය නම් වූවහොත් මහින්ද රාජපක්ෂව අත්අඩංගුවට ගැනීම සඳහා කඩිනමින් පියවර ගනු ඇතැයිය.

එමෙන්ම 2005 ජනාධිපතිවරණය දිනා ගැනීම සඳහා ත්‍රස්ත සංවිධානවලට මුදල් ලබා දුන්නේ නම්, එය ජාති ද්‍රෝහී ක්‍රියාවක් බවත්, යුද්ධය අවසන් වීමට තත්පර කිහිපයකට පෙර සටන් විරාමයක් දී ඇත්තේ ත්‍රස්ත නායකයින් බේරීම සඳහා බවත් ෆොන්සේකා මහතා තවත් සඳහන් කළේය.

Continue Reading

ප්‍රවණතාවන්