ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ තුසිත හල්ඔලුව මහතා අද අළුයම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙය ඔහුගේ වාහනයට පහරදීම හා වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කටයුතු අතුරුවයි.
ඊයේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් කොළඹ අපරාධ කොට්ඨාසයේ ඉල්ලීම මත තුසිත හල්ඔලුව මහතාට විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබුණි.
මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හය දෙනෙකු ද පෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබූ අතර, පසුව ඇප මත මුදාහැර ඇත.
පොලීසිය සඳහන් කළේ තුසිත හල්ඔලුව මහතාට විදෙස් ගමන් තහනමක්ද පනවා ඇති බවයි.
