280 views 0 secs 0 comments

විභාග කොමසාරිස්ගෙන් නිවේදනයක්…

In Local News
August 27, 2021

විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා නිවේදනයක් නිකුත්කරමින්, 2021 උසස් පෙළ විභාගය සහ 5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය 2021 සැප්තැම්බර් 15 වනදා දක්වා දීර්ඝ කර ඇති බව සඳහන් කළා.

අදාළ විභාග සදහා අයඳුම්පත් භාරගැනීමේ කාලසීමාව පසුගිය 15 වනදා අවසන් වීමට නියමිතව තිබුණි.

2021 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නොවැම්බර් මස 14 වනදා සහ උසස් පෙළ විභාගය නොවැම්බර් මස 15 වනදා සිට දෙසැම්බර් 10 වනදා දක්වා පැවැත්වීමට සැලසුම්කර තිබේ.