168 views 0 secs 0 comments

සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් අධීක්ෂණයට හමුදාව…

In Local News
March 22, 2022

අද (22) දිනයේ සිට සිපෙට්කෝ ආයතනයට අයත් ඉන්ධන පිරවුම්හල් මගින් සිදුකරනු ලබන ඉන්ධන බෙදා හැරීම අධික්ෂණය කිරීම සඳහා යුද හමුදාව යොදවා ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න සඳහන් කර සිටියා.

මෙහිදී සිපෙට්කෝ ආයතනය යටතේ ක්‍රියාත්මක වන මෙම ඉන්ධන පිරවුම්හල් සඳහා ලැබෙන ඉන්ධන පාරිභෝගිකයින් වෙත නිසි අයුරින් බෙදා හරින්නේද යන්න ගැන හමුදා නිලධාරීන් විසින් අධීක්ෂණය කරනු ලබන බව හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.