
දෙදින නිල සංචාරයක් සඳහා දේශපාලන කටයුතු පිළිබඳ ඇමරිකානු උප ලේකම් වික්ටෝරියා නුලන්ඩ් දිවයිනට පැමිණ තිබෙනවා.
ඇය සමඟ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 5 දෙනෙකු මෙම සංචාරය සඳහා එක්ව තිබෙන බවයි වාර්තා වන්නේ.
හෙට (23) දින, විදේශ අමාත්‍ය ජී.එල් පීරිස් සහ දේශපාලන කටයුතු පිළිබඳ උප ලේකම් නුලන්ඩ් විසින් විදේශ අමාත්‍යාංශයේ දී පැවැත්වෙන ශ්‍රී ලංකා – එක්සත් ජනපද හවුල්කාරිත්ව සංවාදයේ 4 වැනි සැසිවාරයේ සම සභාපතිත්වය දැරීමට නියමිත අතර මෙම හවුල්කාරිත්ව සංවාදය ද්විපාර්ශ්වික සබඳතා සමාලෝචනය කිරීම සහ ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර පවතින සහයෝගීතාවය සහ හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වැදගත් වනවා.