244 views 0 secs 0 comments

ලාංකීය සිනමා කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා ජාතික චිත්‍රපට සංස්ථාව නව්‍යකරණයට සලසුම්..

In Entertainment, Local News
August 10, 2022

මෙම කාලය සිනමා කර්මාන්තයට ඉතාමත් අභියෝගාත්මක කාලයක් බව ජාතික චිත්‍රපට සංස්ථාවේ නව සභාපති නීතිඥ දීපාල් චන්ද්‍රරත්න මහතා ‍ප්‍රකාශ කර සිටියා.

අද (10) ජනමාධ්‍ය අමාථ්යංශයේදී ලාංකීය සිනමා කර්මාන්තය හා චිත්‍රපට සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීමට උපකාරී වන ජාතික චිත්‍රපට සංස්ථාව නව්‍යකරණය කිරීමේ හා ජාතික සිනමා ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමේ සැලසුම් පිළිබඳ පැවැත්ත් වූ සාකච්ඡවකට සම්බන්ධ වෙමින් ඔහු මේ බව සඳහන් කර සිටියා.

මෙම සාකච්ඡාව ජනමාධ්‍ය ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු අතර ජාතික චිත්‍රපට සංස්ථාවේ නව සභාපති වශයෙන් නීතිඥ දීපාල් චන්ද්‍රරත්න මහතා පත් වීමත් සමග චිත්‍රපට කර්මාන්තයේ ප්‍රගමනයට ක්ෂේත්‍රය පිළිබඳ විද්වතුන් කලාකරුවන් ආයෝජකයන් හා අදාළ නිලධාරීන්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීමේ මෙම සාකච්ඡාවේ අරමුණ විය.