Connect with us

Entertainment

Bigg Boss ගිය යොහානි…

Published

on

ප්‍රති නිර්මාණය කළ ‘මැණිකේ මගේ හිතේ’ ගීතයෙන් ලොව පුරා රටවල් රැසක ජනාදරයට පත්වූ යොහානි ද සිල්වා ඉන්දීය සුපිරි නළු සල්මන් ඛාන් සමග ඉන්දීය ප්‍රේක්ෂකයින් අතර ඉතා ජනප්‍රිය වැඩසටහනක් වන “ඹිග්ග් ඹොස්ස්15″ට සහභාගී වී තිබේ. එම වැඩසටහනේ දී යොහානි සමඟ සල්මන් ඛාන් ‘මැණිකේ මගේ හිතේ’ ගීතය ගායනා කරන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

යොහානි ද සිල්වාගේ පළමු ජාත්‍යන්තර ගෘහස්ත ප්‍රසංගය පසුගිය සැප්තැම්බර් 30 වනදා ඉන්දියාවේ නවදිල්ලියේදී පැවැත්වුණි.

මේ අතර බොලිවුඩ් චිත්‍රපටයක හින්දි භාෂාවෙන් පසුබිම් ගායනයට දායක වීමටත් යොහානිට අවස්ථාව හිමිවී තිබේ.

ඇය ගායනා කළ නවතම හින්දි ගීතය ද මෙරට ගායිකාවක් ගැයූ , අඩුම කාලයක් තුළ යූ ටියුබ් නැරඹුම් වාර මිලියනයක් පසුකළ ගීතය බවටද පත්ව ඇත.

යොහානි ප්‍රති නිර්මාණය කළ ‘මැණිකේ මගේ හිතේ” ගිතය යූ ටියුබ් නැරඹුම් වාර මිලියන 100 ඉක්මවා ගොස් ඇති අතර, ගීතයක් “‍යොඋටුබෙ“ නැරඹුම් වාර ගණන මිලියන 100 ඉක්මවූ පළමු අවස්ථාව මෙය බව ද වාර්තාවේ.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Entertainment

ජස්ටින් බීබර්ගේ නව “Swag” ඇල්බමය ජනගත වේ

Published

on

By

ලෝකප්‍රකට කැනේඩියානු පොප් ගායක ජස්ටින් බීබර් විසින් “Swag” නමින් නව ඇල්බමයක් නිකුත් කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා අනුව, මෙම ඇල්බමය හදිසි ලෙස නිකුත් කිරීමෙන් බීබර්ගේ රසිකයන් අතර විශාල කතා බහක් ඇති වී ඇත.

“Dadz Love”, “Devotion”, “Therapy Session” ඇතුළු ගීත 20ක් අඩංගු මෙම ඇල්බමයේ බොහෝ ගීත බීබර්ගේ ක්‍රිස්තියානි විශ්වාසය පාදක කරගෙන ආගමික තේමාවන් ආශ්‍රය කර ඇත.

එහි ප්‍රවර්ධන කටයුත්තකට එක් වූයේ ඇමරිකානු රැප් ගායක බිග් ෂෝන් වන අතර, පියවරුන්ගේ දිනයේදී රූගත කරන ලද ජස්ටින් බීබර්ගේ වීඩියෝවක්ද ඇල්බමය ප්‍රචාරය කිරීම සඳහා භාවිත කර ඇත.

Continue Reading

Entertainment

Forbes සඟරාවට ගිය ශ්‍රී ලාංකිකයින්..

Published

on

By

Forbes සඟරාව විසින් පළකළ ආසියාවේ අවුරුදු 30න් පහළ විශිෂ්ඨයන් 30 දෙනාගේ ලැයිස්තුවට ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකුගේ නම් ඇතුළත් වී ඇති බව වාර්තා වේ.

මෙම ලැයිස්තුවට ඇතුළත් වූයේ ‘Wild Cookbook’ යූටියුබ් නාලිකාවෙන් ලෝක ව්‍යාප්ත ජනප්‍රියත්වයක් හිමි කරගත් සූපවේදියෙකු වන චරිත් එන්. සිල්වා, තෑගි වෙන් කිරීම සඳහා වූ පළමු ලාංකික ඩිජිටල් වේදිකාව වූ Silver Aisle හි නිර්මාතෘ, යානිකා අමරසේකර සහ Synapse AI Labs ආයතනයේ නිර්මාතෘ දත්ත විද්‍යාඥ නිකින් මාතරආරච්චි යන පුද්ගලයින්ය.

චරිත් සිල්වා පසුගිය මාර්තු 28 වනදා Wild Cookbook නාලිකාව හරහා මිලියන 10 ක ග්‍රාහකයන් පසුකරමින් ශ්‍රී ලංකාවේ පළමු Diamond Play Button හිමිකරු බවට පත්විය. ඔහු විසින් නාලිකාව 2020 වසරේ ආරම්භ කර ඇති අතර, මේ දක්වා වීඩියෝ 600කට අධික සංඛ්‍යාවක් නිර්මාණය කර ඇති අතර, නැරඹුම් ගණන බිලියන 4 ඉක්මවා ගොස් ඇත. ඔහුගේ සුවිශේෂී ඉවුම් පිහුම් ක්‍රම හා ඉදිරිපත් කිරීමේ විලාසිතාව ඔහුගේ ජනප්‍රියත්වයට ප්‍රධාන හේතුවක් වී ඇත.

යානිකා අමරසේකර මෙම ලැයිස්තුවට Retail & Ecommerce කාණ්ඩයෙන් ඇතුළත් වී ඇති අතර, ඇය ආරම්භ කළ Silver Aisle යනු ශ්‍රී ලංකාවේ විවාහ උත්සව සඳහා තෑගි වෙන් කිරීම සඳහා වූ පළමු ඩිජිටල් වේදිකාවයි. එය 2019 දී ආරම්භ වී ඇති අතර, අද වනවිට විවාහ, නිවාඩු, භෝජන, අශ්වයාන, මැටි භාණ්ඩ ඇතුළු විවිධ අවස්ථාවන්ට සේවාවන් සපයන විශාල ව්‍යාපෘතියක් වී ඇත. ඇය ලන්ඩනයේ Imperial College, UC Berkeley සහ කැලණිය විශ්වවිද්‍යාලයෙන් උපාධි කිහිපයක් හිමිකරගෙන ඇත.

දත්ත විද්‍යාඥ නිකින් මාතරආරච්චි සමාජ මාධ්‍ය, අලෙවිකරණ සහ සන්නාම ප්‍රවර්ධන කාණ්ඩය යටතේ මෙම ලැයිස්තුවට ඇතුළත් වී ඇත. ඔහු විසින් පිහිටවූ Synapse AI Labs ආයතනය AI හා අලෙවිකරණ තාක්ෂණය යටතේ නවෝත්පාදන කරමින් ශ්‍රී ලංකාවට ලෝක වේදිකාවේ ගෞරවයක් ලබාදී ඇත. නිකින් මේ වනවිට මොනෑෂ් විශ්වවිද්‍යාලයේ කෘතිම බුද්ධිය පිළිබඳ පශ්චාත් උපාධිය සම්පූර්ණ කරමින් සිටී.

Continue Reading

Entertainment

ජාත්‍යන්තර සංගීත සංදර්ශනයක පළමු ස්ථානය ශ්‍රී ලාංකික සංගීත කණ්ඩායමට…

Published

on

By

ඉන්දියාවේ පැවති ජාත්‍යන්තර සංගීත කණ්ඩායම් සටනේදී ශ්‍රී ලාංකික සංගීත කණ්ඩායමක් වන ද නයිට්ස් පළමු ස්ථානය දිනා ගැනීමට සමත් විය.

‘බැට්ල් ඔෆ් බෑන්ඩ්ස්’ යනු ඉන්දියානු රාජ්‍ය රූපවාහිනී දුරදර්ශන් විසින් විකාශනය කරන ලද සංගීත තරඟයකි.

මෙම වසරේ තරඟය සඳහා ශ්‍රී ලංකාව, මොරිෂස්, ටජිකිස්තානය, ඇෆ්ගනිස්ථානය, සිංගප්පූරුව, රුසියාව, නේපාලය, ස්පාඤ්ඤය සහ එක්සත් රාජධානිය යන රටවල සංගීත කණ්ඩායම් තරඟ වැදුණි.

Continue Reading

ප්‍රවණතාවන්