86 views 0 secs 0 comments

ජාත්‍යන්තර සංගීත සංදර්ශනයක පළමු ස්ථානය ශ්‍රී ලාංකික සංගීත කණ්ඩායමට…

In Entertainment
May 05, 2025

ඉන්දියාවේ පැවති ජාත්‍යන්තර සංගීත කණ්ඩායම් සටනේදී ශ්‍රී ලාංකික සංගීත කණ්ඩායමක් වන ද නයිට්ස් පළමු ස්ථානය දිනා ගැනීමට සමත් විය.

‘බැට්ල් ඔෆ් බෑන්ඩ්ස්’ යනු ඉන්දියානු රාජ්‍ය රූපවාහිනී දුරදර්ශන් විසින් විකාශනය කරන ලද සංගීත තරඟයකි.

මෙම වසරේ තරඟය සඳහා ශ්‍රී ලංකාව, මොරිෂස්, ටජිකිස්තානය, ඇෆ්ගනිස්ථානය, සිංගප්පූරුව, රුසියාව, නේපාලය, ස්පාඤ්ඤය සහ එක්සත් රාජධානිය යන රටවල සංගීත කණ්ඩායම් තරඟ වැදුණි.