82 views 2 secs 0 comments

අද සිට සිය මෙහෙයුම් නවතන Skype…

In Tech, World News
May 05, 2025

ලොව පුරා විශාල පරිශීලක ප්‍රමාණයක් හිමි වීඩියෝ ඇමතුම් සේවාවක් වූ “ස්කයිප්” යෙදුම අද (05) සිට වසා දැමීමට මයික්‍රොසොෆ්ට් සමාගම තීරණය කර තිබේ.

මීට පෙර මාර්තු මාසයේදී ස්කයිප් සිය නිල X ගිණුමේ සටහනක් නිකුත් කරමින් මැයි මාසයේදී මෙහෙයුම් නතර කිරීමට සැලසුම් ඇති බව දැනුම් දී තිබුණි. මෙය අනුව, ඉදිරියේදී ස්කයිප් ගිණුම් හිමියන්ට Microsoft Teams Free වෙත ඔවුන්ගේ පවතින මුරපද භාවිතයෙන් පිවිසිය හැකි බවද සමාගම අවධාරණය කරයි.

2003දී එළිදැක්වූ ස්කයිප්, 2011දී ඩොලර් බිලියන 8.5ක මුදලක් යටතේ මයික්‍රොසොෆ්ට් සමාගම විසින් මිලදී ගන්නා ලදි. එම ගනුදෙනුව මයික්‍රොසොෆ්ට් සමාගම සඳහා විශාලතම ආයෝජනයක් වූ බව වාර්තා වේ.

පරිගණකයක් හරහා නොමිලේ වීඩියෝ සහ ශබ්ද ඇමතුම් ලබාදීමේ හැකියාව නිසා ස්කයිප් යෙදුම ලෝකයේ ජනප්‍රියම සේවාවන්ගෙන් එකක් බවට පත්වුණි. එය පළමු වරට මෙවැනි සේවාවක් ලබාදුන් සමාගම නොවූවත්, එවකට පරිශීලකයින් අතර ජනප්‍රියත්වය ලබාගැනීමට විශාල වශයෙන් දායක විය.