221 views 0 secs 0 comments

පස් දෙනෙකුට දිවි අහිමි කල රාගලවත්ත ගින්න..

In Local News
October 08, 2021

ඊයේ (07) රාත්‍රියේ නුවරඑළිය, රාගලවත්ත මැද කොටසේ නිවසක ඇතිවු ගින්නකින් වුරුදු 60 පිරිමි පුද්ගලයෙක්, වැඩිහිටි කාන්තාවන් දෙදෙනෙක්ව, වයස අවුරුදු 11ක හා අවුරුද්දක වයසැති පිරිමි දරුවන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලිස් අපරාධ ස්ථාන නිලධාරීන් විසින් ගින්න ඇති වු ස්ථානය මේ වන විට පරීක්ෂා කර ඇති බවත්, අද දින වලපනේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඒ පිළිබඳ කරුණු වාර්තා කිරීමට නියමිත බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ගින්නට හේතුව සොයා වැඩිදුර විමර්ශන රාගල පොලීසිය විසින් පවත්වනු ලබයි.