233 views 0 secs 0 comments

නව නියෝජ්‍ය පොලිස්පතිවරියන් තිදෙනෙක්…

In Local News
October 07, 2021

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අනුමැතිය පරිදි වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියන් තිදෙනෙකු නියෝජ්‍ය පොලිස්පතිවරියන් දක්වා උසස් කර ඇති බව පොලිස් මූලස්ථානය දැනුම්දෙයි.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියන් තිදෙනෙකු එකවර නියෝජ්‍ය පොලිස්පතිවරියන් දක්වා උසස් කිරීම පොලිස් ඉතිහාසයේ ප්‍රථම වතාවට සිදුවූ සිද්ධියක් බවද පොලිස් මූලස්ථානය පවසයි.

ඒ අනුව ඉදිරියේදී කාන්තා නිලධාරිනියන් හට දක්ෂතාවය සහ හැකියාව මත පොලිස්පති ධූරය දක්වා උසස්වීම් ලබාගැනීමේ අවස්ථාව සලසා තිබීම සුවිශේෂී තත්ත්වයක් බවද පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.

අදාළ උසස්වීම් ලැබූ නිලධාරිනියන් පහතින්,