123 views 0 secs 0 comments

ප්‍රදේශ කිහිපයකටම ගංවතුර අවදානමක්…

In Local News
October 23, 2023

නිල්වලා ගඟ ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට වැසි ලැබීම හේතුවෙන්, කොටපොල, පිටබැද්දර, පස්ගොඩ, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, තිහගොඩ, මාතර සහ දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට සැළකිය යුතු මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ එස්.පී.සී සුගීෂ්වර මහතා සඳහන් කළේ, ජනතාව ඒ පිළිබඳ දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බවයි.