181 views 0 secs 0 comments

පෑලියගොඩ වෙඩි තැබීමක්….

In Local News
June 27, 2022

ඊයෙ (26) පෑලියගොඩ පට්ටිය හංදිය ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් වයස අවු. 32ක් වූ මිනුවන්ගොඩ පදිංචිකරුවෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
මියගිය පුද්ගලයා තම දරුවා හා බිරිඳ සමඟ යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී වෙනත් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා පලා ගොස් තිබේ. මෙම සිද්ධියෙන්
මාර්ගයේ ගමන් කල කාන්තාවක්ද තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ වයස අවුරුදු 02 ක් වන පිිරිමි දරුවා ද ර්ඡ්වේ ආර්යා ළමා රෝහයේ ප්‍රතිකාර ලබයි.

ඝාතනයට හේතුව මෙතෙක් අණාවරණය වී නොමැත. මෘත ශරීරය ජාතික රෝහයේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර කැළණිය කොට්ටඨාස භාර ජෙෂ්ඨ යපාලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ පෑලියගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.